Latestදේශීය

ජනපතිට චීනයෙන් සහ ඉන්දියාවෙන් ආරාධනා

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එළැඹෙන දෙසැම්බර් මාසයේ තෙවැනි සතියේදී ඉන්දියාවේ නිල සංචාරයකට එක්වීමට නියමිතය. එමෙන්ම ජනාධිපතිවරයාට චීනයේ සංචාරයකට ද ආරාධනා ලැබ තිබෙන බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (26) කීවේය.

ඉන්දීය රජය මඟින් කරන ලද ආරාධනයකට ජනාධිපතිවරයා ඉන්දීය සංචාරයට එක්වන බවත් එහිදී නිල සාකච්ඡා රැසක් සිදු කෙරෙන බවත් හෙතෙම පැවසුවේය. ජනාධිපතිවරයා දෙසැම්බර් මස තෙවැනි සතියේදී ඉන්දියාව බලා පිටත්වීමට නියමිත බවත් එම සංචාරයේ දින වකවානු තවමත් තීරණය කර නැති බවත් වෛද්‍ය ජයතිස්ස මහතා පැවසීය.

@දිනමිණ 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *