සුලිකුණාටුව මුලතිව් දෙසට – උතුරට දැඩි හානි
සුලිකුණාටු සහිත අධික වර්ෂාව මේ වනවිට මුලතිව් දෙසට වර්ධනය වී ඇති අතර මුලතිව් වට්ටුවාක්කල් පාලම සහිත ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතුද තාවකාලිකව නැවති ඇතැයි වාර්ථා වෙයි.
ඊට අමතරව නන්දිකඩාල් කලපු මාර්ගද වර්ෂාව හේතුවෙන් ඇති වූ ජලගැලීම්වලින් වැසීයාම හේතුවෙන් ගමනාගමන කටයුතු දැඩි සෙයින් අඩාල වී ඇත.
වට්ටුවාක්කල් පාලම හරහා මුලතිව් සිට පුදුකුඩිඉරිප්පු දක්වා ඇති මාර්ගය මෙලෙස ගමනාගමන කටයුතු තාවකාලිකව නවතා ඇති අතර මාර්ගය සම්පූරණයෙන්ම ජලයෙන් වැසී ඇත.
පවතින අයහපත් කලගුණික තත්වය හේතුවෙන් මුලතිව් දිස්ත්‍රීක්කයේ පවුල් 1495 කට අයත් 4644 දෙනෙකු විපතට පත්ව ඇති බවට ආපදාකලමනකරන ඒ්කකය දැනුම් දෙයි.
ඒමෙනම විපතට පත්ව ඇති මුලතිව්හි පවුල් 218 කට අයත් පුද්ගලයින් 680 දෙනෙකු රැඳවුම් මධ්‍යස්ථාන 09 ක තාවකාලිකව රැඳී සිටිති.
මේ අතර පවතින අයහපත් සුලිකුණාටු තත්වයන් හේතුවෙන් මුලතිව් වැසියන් අරක්ෂිත ස්ථාන කරා රැගෙන යමට ආරක්ෂක අංශද ආපදාකලමනාකරන නිලධාරින් සමග සහයෝගයෙන් කටුයුතු කරයි.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

