Latestදේශීය

තවත් සිසුන් තිදෙනෙකුගේ සිරුරු හමුවෙයි

අම්පාර, කාර්තිව්හිදී පාසල් සිසුන් සමග අනතුරට ලක් වූ ට්‍රැක්ටරයේ සිට අතුරුදන් වූ සිසිනු 06දෙනාගෙන් තවත් සිසුන් තිදෙනකුගේ සිරුරු හමුව තිබේ.

සිසුන් 11 දෙනෙකු අයහපත් කාලගුණය හේතුවෙන් ට්‍රැක්ටර් රථයකට ගොඩවී ඇති අතර, මාර්ගයේ ජලයෙන් යටවූ ස්ථානයක් හරහා ගමන් කරමින් තිබියදී සැඩපහරකට හසුව පෙරළී පෙරේදා(26) දිනයේ මෙම ඛේදනීය අනතුර සිදුවිය.

මෙලෙස අනතුරට පත් වූයේ නින්දවූර් මද්‍රාසා පාසලේ ඉගෙනුම ලැබූ අවුරුදු 12ත් 16ත් අතර වයසේ පසුවන දරුවන් බව සදහන් වේ.

තවත් පාසල් සිසුන් තිදෙනෙකුගේ සිරුරු සොයා ගැනීමට හැකියාව ලැබී නොමැත.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *