සහල් අර්බුදය විසදන හැටි රජය කියයි
වහාම ක්‍රියාත්මක වන පරිදි 2024 දෙසැම්බර් 20 දින දක්වා ආනයන බලපත්‍ර ලබා ගැනීමකින් තොරව සහල් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදුන් බව කැබිනට් ප්‍රකාශක හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.
දේශීය වෙළෙඳපොළේ දැනට පවතින නාඩු සහල් සහ අනෙකුත් සහල් වර්ගවල හිඟය මෙන්ම පසුගිය දිනවල පැවැති අධික වර්ෂාපතනය හේතුවෙන් වී වගාව සඳහා සිදුව ඇති හානිය සැලකිල්ලට ගනිමින් දැනට පවතින සහල් ආනයන සීමා ලිහිල් කිරීමේ යෝග්‍යතාව අමාත්‍ය මණ්ඩලය විසින් සලකා බලා මේ තීරණය ගෙන ඇත.
සහල් හිඟයේ ප්‍රශ්නය රජය හඳුනාගෙන ඇති බවත් දැනට පවතින සහල් හිඟයට ක්‍ෂණික පියවරක් ලෙස මේ තීරණය ගත් බවත් ඇමැති ජයතිස්ස මහතා කීවේය.
@දිවයින
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

