Latestදේශීය

සොරාගත් ධනය නැවත අයකර ගැනීමට කඩිනම් ක්‍රියාමාර්ග – හර්ෂණ නානායක්කාර

සොරාගත් වත්කම් අයකර ගැනීම, මුදල් විශුද්ධිකරණය, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ ඒ ආශ්‍රිත දුරාචාර වැලැක්වීම අරමුණු කරගත් පනත් කෙටුම්පත් තුනක් මේ වසරේ මුල් කාර්තුව තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය සැලසුම් කර ඇතැයි අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ කල් තැබීමේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවේය.

මෙම පනත් කෙටුම්පත් තුන ඉදිරිපත් කිරීමේ අදහස වන්නේ සොරකම් කළ වත්කම් නැවත අයකර ගැනීම, අපරාධවලින් ලැබෙන මුදල් සොයා ගැනීම සහ මුදල් විශුද්ධිකරණය, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ ඒ හා සම්බන්ධ සියලු කටයුතු මැඩලීමයි.

ඒ හරහා ණයහිමියන්ගේ විශ්වාසය වැඩි දියුණු වෙනු ඇති බවත් ණය ගැතියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරනු ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *