අතුරු සම්මත ගිණුමෙන් මුදල් වෙන්කළේ මෙහෙමයි
2025 වසරේ පළමු මාස 04 සඳහා ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුමෙන් රජයේ කටයුතු පවත්වාගෙන යාම සහ දැනට ආරම්භ කර ඇති ව්‍යාපෘති නොනවත්වා ඉදිරියට පවත්වාගෙන යාම සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 1,402කට ආසන්න ය.
ඒ අනුව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට වැඩිම මුදලක් වෙන්කර තිබේ.
එම ප්‍රමාණය රුපියල් බිලියන 220.06කි.
මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 186.02ක්ද, රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 170.47ක්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 161.99ක්ද, ආරක්ෂක අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 142.95ක්ද ලෙස මෙම අතුරු සම්මත ගිණුමෙන් මුදල් වෙන්කර තිබේ.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 92ක් වන අතර කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 67.36කි.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

