ලොකු පැටී තවමත් බෙලරූස් අත්අඩංගුවේ
මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන ලද්දුව හැන්දි සුජීව රුවන් කුමාර ද සිල්වා නොහොත් ලොකු පැටී නමැත්තා තවමත් බෙලරූස් අත්අඩංගුවේ පසුවන බව පොලීසිය පවසයි.
ඒ බව පොලිසිය සදහන් කර ඇත්තේ ජාත්‍යන්තර පොලීසිය හරහා ශ්‍රී ලංකා පොලීසිය බෙලරූස් රාජ්‍යයෙන් කරන ලද කරුණු තහවුරු කර ගැනීමෙන් අනතරුවයි.
2024 වසරේ අගෝස්තු මස 05වැනිදා සිට ලොකු පැටී නමැත්තා බෙලරුස් අත්අඩංගුවේ පසුවන බව එහිදී තහවුරු වී ඇත.
ලොකු පැටී නමැත්තා බෙලරුස් අත්අඩංගුවෙන් නිදහස් වී ඇතැයි පසුගියදා විවිධ මාධ්‍ය වාර්තා පළ විය.
ඒ අනුවයි ශ්‍රී ලංකා පොලීසිය, බෙලරූස් රාජ්‍යයෙන් ඒ පිළිබඳ කරුණු විමසා ඇත.
2021 වසරේ ඔක්තෝබර් 08වැනිදා වැලිපැන්න ප්‍රදේශයේදී බෝම්බ සහ ස්වයංක්‍රීය ගිනි අවි සමග ලොකු පැටී නමැත්තා අත්අඩංගුවට පත්ව තිබුණි.
ඊට අදාළ නඩුව විභාග වන්නේ මතුගම මහේස්ත්‍රාත් අධිකරණයේය. එම නඩුව සම්බන්ධයෙන් ඇප හිමිවීමෙන් අනතුරුව ලොකු පැටී නමැත්තා විදෙස්ගත වී තිබුණි.
ඒ අනුව ඔහුට එරෙහිව ජාත්‍යන්තර පොලීසිය හරහා රතු වරෙන්තුවක් නිකුත් කිරීමට කටයුතු කර තිබුණි.
ශ්‍රී ලංකා පොලීසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණ හා විදේශ කටයුතු අමාත්‍යංශය හරහා බෙලරූස් රාජ්‍යයට මෙම රතු වරෙන්තුව සම්බන්ධයෙන් ද තොරතුරු ලබා දී තිබේ.
එමෙන්ම ලොකු පැටී නමැත්තා සමග රොටුඹ අමිල හා කංජිපානි ඉම්රාන් යන මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධකරුවන්ද බෙලරුස් රාජ්‍යයේදී අත්අඩංගුවට පත්ව ඇතැයිද විවිධ මාධ්‍ය වාර්තා පළ විය.
එහෙත් එවැනි කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන ඇතැයි බෙලරුස් රාජ්‍යයෙන් මෙතෙක් තහවුරු කිරීමක් සිදු කර නොමැති බව පොලීසිය පැවසීය.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

