ප්‍රංශ රජය බිඳවැටෙයි
ප්‍රංශ අග්‍රාමාත්‍ය මයිකල් බාර්නියර් ඇතුළු කැබිනට් මණ්ඩලයට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංගය ජයග්‍රහණය කර තිබේ.
ඊයේ (04) පැවති ඡන්ද විමසීමේ දී විශ්වාසභංගය ජයග්‍රහණය කිරීම සඳහා ඡන්ද 288ක් අවශ්‍ය වූ අතර යෝජනාවට පක්ෂව ඡන්ද 331ක් හිමි වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව 1962 වසරෙන් පසු ප්‍රංශයේ විශ්වාසභංගයක් ජයග්‍රහණය කළ පළමු අවස්ථාව මෙය ලෙස සැලකේ.
විශ්වාසභංගය පරාජය වීමෙන් අනතුරුව ප්‍රංශ අග්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය අද (05) දිනයේ ඉල්ලා අස්වනු ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ජනාධිපති ඉමානුවෙල් මැක්‍රොන් විසින් පසුගිය සැප්තැම්බර් මාසයේදී මයිකල් බාර්නියර් අග්‍රාමාත්‍ය ධුරයට පත් කළ අතර ඒ අනුව ප්‍රංශයේ කෙටිම කාලයක් අග්‍රාමාත්‍ය ධුරය දැරූ පුද්ගලයා බවට ද ඔහු පත්වේ.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

