Latestදේශීය

රේණුක පෙරේරා අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

උතුරේ මහවිරු සැමරුම පිළිබඳව අසත්‍ය ප්‍රචාරයන් සමාජ මාධ්‍යන් ඔස්සේ පළ කිරීමේ චෝදනාව මත රේණුක පෙරේරා මහතා අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තම්න්තුවේ නිලධාරීන් පිරිසක් අද (05) උදෑසන ඒ මහතාගේ නිවසට ගොස් ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

අත්අඩංගුවට ගත් රේණුක පෙරේරා මහතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලීසිය සඳහන් කළේය.

මේ අතර, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ඊයේ  (04) පැවසුවේ උතුරේ මහවිරු සැමරුම් පැවැත්වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර ඇත්තේ පසුගිය වසරවල වෙනත් රටවලදී සිදුකළ උත්සවල ඡායාරූප බවය.

එමෙන්ම අමාත්‍යවරයාවරයා වැඩිදුරටත් පැවසුවේ අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගෙන් දෙදෙනෙක් සිලින්ඩරේ ලකුණින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ක්‍රියාකාරීන් ලෙස  කටයුතු කරන පුද්ගලයින් බවය.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *