Latestදේශීයනවතම ලිපිමතවාද

උතුරේ මළවුන් සැමරීම – ප්‍රශ්න සහ පිළිතුරු

(බටහිර ඉවුරේ දර්ශනය

පිළිතුර: මේ සැමරුම් මගින් සමරන්නේ මිනිස් වර්ගයා ප්‍රභවය වූ දවසේ ඉඳල උතුරු නැගෙනහිර ප්‍රදේශයේ මිය ගිය මිනිස්සු නෙමෙයි. ඒ වෙනුවට මේක මගින් සමරන්නේ අවුරුදු 30 යුද්ධය මගින් මිය ගිය මිනිසුන්. ඉතින් යුද්ධයෙන් මිය ගිය මිනිසුන් සමරන්න ඕන එම යුද්ධය හා බැඳුනු සංකේතාත්මක දවස් වල මිසක් වෙන දවස් වල නෙමෙයි. එහෙම නැතුව සාමූහික සැමරුමක් සංවිධානය කිරීම අර්ථවත් වෙන්නේ නැහැ.

පිළිතුර: අනිවාර්යයෙන් මේක මගින් එල්ටීටීඊ සංවිධානයේ මිය ගිය සාමාජිකයන් විතරක් නෙමෙයි ඒකෙ නායකයන් ද සැමරෙනවා. ඒ වගේම මේක මගින් එල්ටීටීඊ සංවිධානයට අයිති නොවුණු වෙනත් දෙමළ සටන් කරුවනුත් සැමරෙනවා. මේක මගින් යුද්ධයේ මිය ගිය සියලු මිනිසුන් සැමරෙනවා කියන්නේ ඒකයි.

පිළිතුර: එල්ටීටීඊ සංවිධානයේ ඉතිහාසයට සම්බන්ධ දිනයක් තෝරන්නේ මේක උතුරේ අරගලයේ ප්‍රමුඛ ව්‍යාපාරය නිසා. එතකොට ඒ අරගලයේ මතකයන් වැඩි පිරිසක් අතර නියෝජනය කරන්න මේ දිනය සමත් වෙනවා. නමුත් මේකෙන් අදහස් කරන්නේ නැහැ මේක එල්ටීටීඊ එක සැමරීමක් කියන එක. ඒ වෙනුවට මේක උතුරේ අරගලය නිසා මිය ගිය මිනිසුන් සැමරීමක්. එතකොට මේ කුලකයට එල්ටීටීඊ එක අතින් මිය ගිය දෙමළ සටන් කරුවන් ද ඇතුලත් වෙනවා. ඒ නිසාම මේක එල්ටීටීඊ සැමරුමක් නෙමෙයි. මේක උතුරේ මිය ගිය මිනිසුන් සැමරුමක්!

පිළිතුර: නැවතත්, මේක එල්ටීටීඊ සංවිධානය මේ යුද්ධයේ ප්‍රධාන කොටස්කරුවා වීමේ ප්‍රතිඵලයක්. ඔබ කියන විදියට එල්ටීටීඊ සංවිධානයට විරුද්ධ වූ දෙමළ දේශපාලන ව්‍යාපාර එහෙනම් මේ සැමරුම් වලට විරෝධය පළ කරන්න ඕන. එහෙම දෙයක් අපිට දකින්න නොලැබෙන්නේ ඇයි?

පිළිතුර: මෙතනදී ඉස්සෙල්ලම දෙමළ ජාතිවාදී දේශපාලකයන් කියන්නේ කවුද කියන එක අපි හරියට පැහැදිළි කර ගන්න ඕන. දෙමළ ජාතිවාදියෙක් කියන්නේ සිංහල සහ දෙමළ සමාජය මුළුමනින් එකිනෙකින් වෙන් වෙලා ඉන්න ඕන කියල හිතන අය. මේ අය දෙමළ සමාජය අවසානයේ දී සිංහල වෙන්න ඕන කියල හිතන සිංහල ජාතිවාදීන් ගේ ඥාති සහෝදරවරුන් සහ සහෝදරවරියන්. එක කට්ටියකට ඕන පාරිශුද්ධ වෙනසක් (difference). අනිත් අයට ඕන පාරිශුද්ධ අනන්‍යතාවයක් (identity). පොදුවේ මේ දෙගොල්ලොම විරුද්ධ වෙන්නේ විවිධ වර්ග වල මිනිස්සු මිනිසුන් ලෙස එකතු වෙලා ඉන්න සමාජයකට. දැන් නැවත ඔබේ ප්‍රශ්නයට එමු. ඔව්, මේ වගේ සැමරුම් පිටිපස්සේ උතුරේ ජාතිවාදී දෙමළ දේශපාලකයන් ඉන්න පුළුවන්. අපි සැකයේ උපරිම වාසිය සිංහල ජාතිවාදීන්ට දීල කියමු මේ වැඩේ සංවිධානය කළේ මේ අය කියල. නමුත් අපි අහන්න ඕන වැදගත් ප්‍රශ්නය මේකයි: මේකට කිසිම දෙමළ මනුෂ්‍යයකුගෙන් විරෝධයක් ආවේ නැත්තේ ඇයි? ඒ කියන්නේ මේක මගින් “ඔන්න අපිව ආයිත් මේගොල්ලෝ යුද්ධයකට අරන් ගිහින් අපිව මහා විනාශයකට ගෙනියන්න හදනවා” කියල දෙමළ සමාජය මේක ප්‍රතික්ෂේප කරන්නේ නැත්තේ ඇයි? ඒ වෙනුවට මේකට යම් පිරිසක් සහභාගී වෙනවා සහ ඉතිරි සියලු දෙනා මේකට නිහඬව සහය දෙනවා. අපි දන්න තරමින් මේක කරන්න එපා කියල මේක නවත්තන්න කියල කියපු එකම දෙමළ මනුෂ්‍යයෙක්වත් නැහැ. ඔබ හිතන්නේ එහෙම වෙන්නේ ඇයි?

පිළිතුර: මේකට අවශ්‍ය කරන කොන්දේසි කිසිවක් නැහැ. අපි අද ජීවත් වෙන්නේ මුළුමනින් වෙනස් භූ-දේශපාලන සන්දර්භයක. නමුත් මෙවැනි දෙයක් වියහැකිභාවයක් ලෙස අපිට ප්‍රතික්ෂේප කරන්න බැහැ. හැබැයි නිශ්චිත දේ තමයි එවැනි වියහැකිභාවයක් යථාභූත වෙන්න නම් ඒකට හොඳ දේ තමයි දෙමළ සමාජයට මේ විදියට සිය මළවුන් සැමරීමට ඇති අයිතිය වගේ දේවල් මර්දනයෙන් යටපත් කිරීම. අන්න එතකොට නම් ‘පුංචි ප්‍රභාකරන්’ කෙනෙක් ආයිත් ඇති වෙන්න පුළුවන්. මේවාට විරුද්ධව කෑ ගහන දකුණේ සිංහල ජාතිවාදීන්ගේ ෆැන්ටසියත් ඒකයි. මේ දෙගොල්ලෝ ඥාතී සහෝදරවරුන් කිව්වේ මේ නිසා. මේක නවත්තන්න තියෙන දෙමළ මිනිස්සුන්ගේ අයිතිවාසිකම් හැකිතාක් ඒ අයට ලබා දීම. මළවුන් සැමරීමට ඇති අයිතිය කියන්නේ මෙතන මූලික එකක්.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *