චීන සමාගම් 100ක් ඇමරිකාවේ තහනම්
මානව හිමිකම් කඩකිරීමේ චෝදනා හේතුවෙන් චීන සමාගම් ඉලක්ක කරමින් ජාත්‍යන්තර සම්බාධක හා වෙළෙඳ සීමා පැනවීමත් සමඟ චීනයේ බලහත්කාර ශ්‍රම භාවිතයේ අර්බුදය යළි ගෝලීය අවධානයට ලක්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එහි සැලකිය යුතු පියවරක් ලෙස මේ වනවිට අමෙරිකාව විසින් චීන සමාගම් 100කට අධික ප්‍රමාණයක් අසාදු ලේඛනයට ඇතුළත් කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
බලහත්කාර ශ්‍රම භාවිතය සම්බන්ධව චෝදනා ලැබූ පොලිසිලිකන්, රෙදිපිළි හා තාක්කාලි මිශ්රන වැනි නිෂ්පාදන සිදුකරන චීන සමාගම් රැසකට ද අමෙරිකාව තුළ සිය භාණ්ඩ අලෙවිය තහනම් කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
චීනයේ ෂිංජියැන් ප්‍රාන්තයේ උයිගර් ප්‍රජාව බලහත්කාර ලෙස කම්කරු සේවයේ යොදවන බවට එල්ල වූ චෝදනා මත අමෙරිකාවේ සෙනෙට් සභාව විසින් සම්මත කරගත් උයිගර් බලහත්කාර කම්කරු සේවය වැළැක්වීමේ පනත යටතේ එම තහනම සිදු කර ඇතැයි ද, කැනඩාව, බ්‍රිතාන්‍යය සහ යුරෝපා සංගමයේ සාමාජික රටවල් රැසක් ද ඒ හා සමාන ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එවැනි චෝදනා තහවුරු වුවහොත් ඊට එරෙහිව අපරාධ පනත යටතේ නඩු පැවැරීමේ හැකියාව ඇති බවත් වාර්තා වේ.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

