දකුණු කොරියානු විදෙස් ඇමති ඉල්ලා අස්වෙයි
ජනාධිපතිවරයා විසින් හදිසි යුද නීතිය ප්‍රකාශයට පත් කිරීමේ මතභේදාත්මක සිදුවීමට සම්පූර්ණ වගකීම භාර ගනිමින් එරට ආරක්ෂක ඇමැති කිම් යොං හියුං සිය ධුරයෙන් ඉල්ලා අස් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
දකුණු කොරියාව ව්‍යාකූලත්වයට හා නොසන්සුන්තාවට පත් කළ යුද නීතිය සම්බන්ධව කනගාටුව ප්‍රකාශ කරන බවත්, සියලුම හමුදා නිලධාරීන් සිය මඟපෙන්වීම හා උපදෙස් මත ක්‍රියා කළ බවත් තහවුරු කරමින් දකුණු කොරියාවේ විදේශ ඇමැතිවරයා මේ තීරණය ගෙන ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
හදිසි යුද නීතිය ප්‍රකාශයට පත් කිරීමෙන් එරට ජනතාව මුහුණ පෑ ව්‍යාකූලත්වය හා කනස්සල්ලට සමාව ඉල්ලා සිටි ආරක්ෂක ඇමැතිවරයා ජාතික ආරක්ෂාව පිළිබඳ දැනට ක්‍රියාත්මක කරන මෙහෙයුම් අඛණ්ඩව සිදු කිරීමට සහාය ලබා දෙන බව ද සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

