Latestදේශීය

මෙන්ඩිස් සීල් තබයි

ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගමේ නාගොඩ, වැලිසර පිහිටි නිෂ්පාදනාගාරයට ඊයේ (5) මුද්‍රා තැබීය.

මෙන්ඩිස් සමාගම ගෙවිය යුතු සුරාබද්ද හා ඊට අදාළ 3%ක අධිභාරය වන රුපියල් බිලියන 5.7ක මුදල ගෙවීම පැහැර හැරීම හේතුවෙන් සුරාබදු ආඥා පනතේ නෛතික විධිවිධාන ප්‍රකාරව එහි මත්පැන් නිෂ්පාදන බලපත්‍රය ඊයේ (5) සිට අත්හිටුවීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නියෝග කර තිබුණි.

එම නියෝගය ප්‍රකාරව සුරාබදු දෙපාර්තමේන්තුවේ ජාඇළ සහ ගම්පහ සුරාබදු අධිකාරීවරුන් හා නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම මුද්‍රා තැබීම සිදු කළේය.

ඒ පැය හයකට වැඩි කාලයක් එහි සිදුකළ නිරීක්ෂණ කටයුතුවලින් අනතුරුවය.

ජාඇළ සහ ගම්පහ සුරාබදු අධිකාරීවරුන් පැවසුවේ අද සිට ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගමේ සියලුම නිෂ්පාදන හා බෙදාහැරීම් කටයුතු සිදුකළ නොහැකි බවයි.

හිඟ බදු ගෙවීම පැහැරහැර තිබෙන මත්පැන් නිෂ්පාදන සමාගම්වල බලපත්‍ර ඉකුත් නොවැම්බර් මස 30 වැනිදා සිට අත්හිටුවීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබුණි.

එවන් පසුබිමක ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සහ සමාගම වෙත නිකුත් කර තිබෙන මත්පැන් නිෂ්පාදන බලපත්‍ර අත්හිටුවීමට පියවර ගන්නා බව දැනුම් දෙමින් සුරාබදු දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙන ලිපිය බලරහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා එම සමාගම ගොනුකළ පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය පසුගිය දා (4) තීන්දු කළේය.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *