Latestක්‍රීඩාදේශීයවිදේශීය

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ශම්මි සිල්වා

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා වැඩ භාරගත් බව ආසියානු ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර සිටියි.

මීට පෙර සභාපතිවරයා ලෙස පත්ව සිටියේ ජේ. ශාය. ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ලෙස වැඩ භාරගැනීම හේතුවෙන් මෙම තනතුර පුරප්පාඩු වී තිබිණි. ඒ අනුව අදාළ තනතුර ශම්මි සිල්වාට හිමිවිය.

වැඩ භාර ගැනීමෙන් පසු ශම්මි සිල්වා කියා සිටියේ ක්‍රිකට් යනු ආසියාවේ හදගැස්ම හා බැඳුණු ක්‍රීඩාවක් බවත්ය. ඒ සඳහා ඇපකැප වන බවද හෙතෙම පැවසීය.

ශම්මි සිල්වාගේ වගකීම ලෙස සඳහන් වන්නේ නැගී එන කණ්ඩායම් සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීමත් බිම් මට්ටමේ ක්‍රිකට් නගාසිටුවීමට අවධානය යොමු කරවීමත්ය.

@දිවයින


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *