ඇල්පිටිය ප්‍රා. සභා නව සභාපති සනත් ප්‍රියන්ත
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ පුරප්පාඩු වූ සභාපති ධුරය සඳහා නව සභාපති ලෙස ජාතික ජන බලවේගයේ මන්ත්‍රී සනත් ප්‍රියන්ත සුමනසිරි නම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ තේරීම්භාර නිලධාරී රවින්ද්‍ර විජය කුමාර විසිනි.
පසුගියදා පැවති ඇල්පිටිය ප්‍රාදේශිය සභා ඡන්ද විමසීමේදී ජාතික ජන බලවේගයට එහි බලය හිමිවූ අතර ප්‍රාදේශිය සභාවේ සභාපති ධුරයට එම පක්ෂයේ නිශාන්ත පෙරේරා පත් කිරීමට පියවර ගැනුණි.
කෙසේවෙතත් ඔහු මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරග කර තේරීපත්වීම හේතුවෙන් ඇල්පිටිය ප්‍රාදේශීය සභා සභාපති ධුරය පුරප්පාඩු වී තිබිණි.
ඒ අනුව පුරප්පාඩු වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ධුරය සඳහා ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ දහම්පාසල් අචාර්යවරියක් මෙන්ම සමාජ ක්‍රියාකාරිණියක් වන නාගරාජා සාරා විනෝදනී නම් කරමින් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ තේරීම්භාර නිලධාරී විසින් තවත් ගැසට් නිවේදනයක්ද නිකුත් කර තිබේ.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

