Latestවිදේශීය

මට සමාවෙන්න – දකුණු කොරියානු ජනාධිපති

දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෙඕල්, යුධ නීතිය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් සමාව අයැද තිබේ.

පසුගිය අඟහරුවාදා යුද නීතිය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් දකුණු කොරියානු ජනාධිපතිවරයා මෙලෙස සමාව ඉල්ලා සිටි බවත් එමෙන්ම තවදුරටත් එවැනි නියෝග සිදු නොකරන බවටත් ඔහු ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය අඟහරුවාදා රාත්‍රියේ සිදු කළ ප්‍රකාශයෙන් පසුව ජාතික සභාවේදී ඊට විරෝධය පළවූ අතර යුද නීතිය ඉවත් කිරීමට අනුමැතිය ලබා ගැනීමට ඡන්ද විමසීමක් ද පැවැත්වුණි. එමෙන්ම ජනාධිපතිවරයා පිළිබඳ දෝෂාභියෝගයක් ද ඉදිරිපත් වූ අතර අද එය විවාදයට ගැනෙනු ඇත.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට ප්‍රතිචාර ලෙස, ඔහුගේ පාලක මහජන බලය පක්ෂයේ නායකයා පැවසුවේ යූන්ට ඔහුගේ සාමාන්‍ය රාජකාරිය කරගෙන යාමට නොහැකි වනු ඇති බවයි. ඔහුට කලින්ම ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදු වනු ඇති බව පක්ෂ නායක හැන් ඩොං-හූන් පවසා ඇත.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *