ලොහාන් නැවතත් රිමාන්ඩ්
බීමතින් රිය පදවා අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 09 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ.
ඊයේ රාත්‍රියේ දී මෙම අනතුරු සිදුව තිබුණි.
රත්වත්තේ සිය ඥාතී නිවසකට ගොස් නැවත කොටුව බලා ජීප් රථයෙන් ගමන් කිරීමේදී කොල්ලුපිටිය හන්දිය ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
කොල්ලු පිටිය පොලිසියට ලද පැමිණිල්ලක් මත පොලිස් නිලධාරින් කණ්ඩායමක් එම අවස්ථාවට ගොස් සිදුකළ විමර්ශනවලදී ලොහාන් රත්වත්තේ බීමතින් සිට ඇති බව අනාවරණය වී ඇත
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

