Latestදේශීය

උසස් පෙළ විභාගයට බාධා නොකර පලාත් පාලන මැතිවරණය පවත්වනවා – මැ.කො. සභාපති

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අවසන් වූ පසු ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා පැවසීය.

ඔහු සඳහන් කළේ නීතිපති උපදෙස් අනුව කඩිනමින් පැවැත්වීමට කටයුතු කරන බවයි.

විභාගය පැවැත්වෙන කාලය තුළ මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කරහොත් දේශපාලන පක්ෂ විවිධ ප්‍රචාරක කටයුතු සිදුකරන බැවින් ඉන් විභාගයට විවිධ අපහසුතා පැවැත්වීමට හැකිය.

මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ පනත සංශෝධනය කිරීමට පාර්ලිමේන්තුවේ අවධානය යොමුව් තිබේ.

එලෙස සංශෝධනය කර පෙර කැදවූ නාම යෝජනා අවලංගු කර නැවත නාම යෝජනා කැදවීමට අවධානය යොමුව තිබේ.

මෙම සියලු කරුණු පිළිබඳ අධ්‍යනය කර නීතිපති උපදෙස් ලබා ගෙන මැතිවරණය කඩිනමින් පැවැත්වීමට කටයුතු කරන බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *