Latestවිදේශීය

සිරියාව කැරලිකරුවන් අතට – ජනාධිපති රටින් පලායයි

සිරියානු කැරලිකරුවන් එරට ඩැමැස්කස් අගනුවරට ඇතුළු වී තිබේ.

ඒ දශකයකට අධික කාලයක් පුරා සිරියාවේ පැවති යුදමය වාතාවරණය තීව්‍ර කරමින් එරට ඩැමැස්කස් අගනුවරට උතුරින් පිහිටි ඇලැප්පෝ සහ හමා නගර යටත් කරගැනීමත් සමගයි.

කැරලිකරුවන් ඊයේ (07) ඩැමැස්කස් අගනුවර ආසන්නයේ හොම්ස් නගරයේ ද සිය පාලනයට නතු කර ගැනීමට සමත් විය.

ඒ අනුව ඔවුන් මේ වනවිට ඩැමැස්කස් අගනුවරට ද ඇතුළු වී තිබේ.

අගනුවරට තදාසන්න පෙදෙස් රැසක් කැරලිකරුවන්ගේ පාලනයට යටත් වී ඇති අතර  සිරියානු ජනාධිපති බෂර් අල් අසාද් පෞද්ගලික ගුවන්යානයකින් රටින් පළාගොස් ඇත්තේ ඒ අනුවය.

වසර 54ක් පුරා සිරියාවේ පැවති කෘෘර අසාද් පාලනය මේ වනවිට බිඳ වැටී ඇති බව විශේෂඥයින් මත පළ කරයි.

එමෙන්ම අසාද් පාර්ශ්වකරුවන් ද අගනුවරින් පළායාමට උත්සාහ කරමින් සිටින බව සඳහන්ය.

සිරියාවේ වඩාත් කුප්‍රකට රැඳිවියන් රඳවා ඇති ඩැමැස්කස් බන්ධනාගාරයට කඩාවැදුණු කැරලිකරුවන් එහි සිටි රැඳවූවන් නිදහස් කිරීමටත් පියවර ගෙන තිබුණි.

සිරියාවට සහාය දැක්වූ හිස්බුල්ලා සංවිධානයත් පසුබැස ගොස් ඇතැයි වාර්තා වෙයි.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *