Latestදේශීය

කැනඩාවේදී අත්අඩංගුවට ගත් “ආවා”කල්ලි නායකයා

යාපනයේ ක්‍රියාත්මක වූ ආවා කල්ලියේ නායකයා බව පැවසෙන ශ්‍රී ලාංකිකයෙකු කැනඩාවේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රසන්න නල්ලලිංගම් හෙවත් අජන්තන් සුබ්‍රමනියම් නමින් හඳුන්වන 32 හැවිරිදි අයෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බව කැනේඩියානු මාධ්‍ය වාර්තා විය.

2022 වර්ෂයේ ප්‍රංශයේ සිදුවූ ඝාතනයක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු වන මෙම පුද්ගලයා ශ්‍රී ලංකාවේ ද ඝාතන කිහිපයකට සම්බන්ධ පුද්ගලයෙකු බව සඳහන්ය.

ඒ අනුව මෙරට ආරක්ෂක අංශ විසින් එම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර වරෙන්තු ද නිකුත් කර ඇති බව වාර්තා විය.

2021 වර්ෂයෙන් පසු ශ්‍රී ලංකාවෙන් පැන ගොස් සිටි මෙම පුද්ගලයා අමෙරිකාව, ප්‍රංශය යන රටවල සිට කැනඩාවට පැමිණ සිටියදී මෙලෙස කැනේඩියානු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාර ශ්‍රී ලාංකිකයා වැඩිදුර විමර්ශන සඳහා ප්‍රංශය වෙත භාරදීමට නියමිත බව කැනේඩියානු ආරක්ෂක අංශ ප්‍රකාශ කර ඇත.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *