Latestදේශීය

යෝජිත හාල් මිල රු. 10ක් වැඩියි – කුඩා වී මෝල් හිමියෝ කියයි

මහා පරිමාණ සහල් මෝල් හිමියන් විසින් සහල් වල පැවති මිලට වඩා රුපියල් 10ක් මිල ඉහළ දමා විකිණීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග එකගතාවයක් පැමිණ ඇතැයි සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් චෝදනා කරයි.

එහි සභාපති යූ.කේ. සේමසිංහ මහතා පවසන්නේ කැකුළු සහල් කිලෝවක් සදහා රුපියල් 210ක් නාඩු සහල් කිලෝවක් සඳහා රුපියල් 220ක් සම්බා සහල් කිලෝවක් සඳහා රුපියල් 230ක් සහ කීරි සම්බා සහල් කිලෝවක් සදහා රුපියල් 260ක පාලන මිලක් ගැසට් කර තිබූ බවය.කීරි සම්බා හැර සෙසු සහල් සදහා රුපියල් 10 මිල වැඩිවීමක් සිදුවී ඇතැයිද සඳහන් කරයි.

@දිවයින


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *