Latestක්‍රීඩාදේශීය

දකුණු අප්‍රිකාව හමුවේ ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්

ශ්‍රී ලංකාවට එරෙහි දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් දකුණු අප්‍රිකාව ලකුණු 109ක ජයග්‍රහණයක් ලබා ගැනීමට මීට සුළු වේලාවකට පෙර හැකිවිය.

දකුණු අප්‍රිකාව ලබාදුන් ලකුණු 348ක ඉලක්කයට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 238ක් පමණි.

ඒ අනුව තරග දෙකකින් සමන්විත වූ මෙම තරගාවලිය තරග 2–0ක් ලෙස පරාජය වීමට ශ්‍රී ලංකාවට සිදුවිය.

සිව්වන දිනයට ඊයේ තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 205ක් රැස්කරගෙන සිටි අතරල කඩුල්ලේ රැඳි සිටි නායක ධනංජය ද සිල්වා හා කුසල් මෙන්ඩිස් ලකුණු 39ක බැගින් ලබා සිටියේය.

කෙසේ නමුත් අද දිනයේ ශ්‍රී ලංකා ඉනිමට ලකුණු 14ක් එක්වද්දී කුසල් මෙන්ඩිස් ලකුණු 46කට දැවී ගිය අතර ඉන් අනතුරුව ධනංජය ද සිල්වා ලකුණු 50කට දැවී ගියේය.

@දිවයින


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *