Latestදේශීය

ලොහාන් ප්‍රසිද්ධියේ සමාව ගනී

බීමතින් රිය පදවා මෝටර් රථයක් හප්පා අනතුරක් සිදුකර එහි ගමන් ගත් නීතිඥවරයකුට සහ ඔහුගේ කනිෂ්ඨ නීතීඥවරයාට බැන මරණීය තර්ජන සිදුකිරීම සම්බන්ධ නඩුවට අදාළව වරද පිළිගත් හිටපු ඇමති ලොහාන් රත්වත්තේ එම නීතීඥවරයාගෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා ඇති අතර අදාළ සිදුවූ අලාභහානිය සම්බන්ධයෙන් රුපියල් ලක්ෂ 10ක වන්දියක් ගෙවීමටද නියමී වී ඇත.

තමන් සහ තම කනිෂ්ඨ නීතීඥවරයා ගමන් ගත් මෝටර් රථය අනතුරකට ලක් කර තමන්ට මරණීය තර්ජනය කිරීම සම්බන්ධයෙන් ජාතික ජන බලයේගයේ නීතිඥ අකලංක උක්වත්ත විසින් හිටපු ඇමති ලොහාන් රත්වත්තේට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබිණි.

හිටපු ඇමති ලොහාන් රත්වත්තේ පසුගිය 06 වනදා බීමතින් ඩිෆෙන්ඩර් ජීප් රථයක් පදවා මෙම අනතුර සිදු කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් ඔහු එදිනම අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ලදී. ඊට අදාළ නඩුව අද (09) කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ඉදිරියේ කැඳවන ලදී.

ඉදිරිපත් වූ සියලු කරුණු සළකා බැලීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප දෙකක් මත ලොහාන් රත්වත්තේ මුදා හැරීමට නියොග කර ඇත.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *