නොවැම්බර් මාසයේ සංචාරක කර්මාන්තයෙන් ඩොලර් මිලියන 272ක ආදායමක්
පසුගිය නොවැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ සංචාරක අදායම අමෙරිකානු ඩොලර් මිලියන 272.9ක් බවත් අතර, ඔක්තෝබර් මාසයේදී ඩොලර් මිලියන 185.6ක් උපයා තිබෙන බවත් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) නවතම සංඛ්‍යාලේඛනවලට සදහන් වේ.
එමෙන්ම වසරකට පෙර නොවැම්බර් මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 205.3ක අදායමක් උපයා ඇති බවට වාර්තා වේ.
එසේම මේ වසරේ මේ දක්වා සංචාරක පැමිණීම් 1,804,873 ක් සිදුව ඇති අතර, එම සංඛ්‍යාව 2024 සඳහා ඉලක්ක කර ඇති සංචාරක පැමිණීම් මිලියන 2.3 ට බෙහෙවින් සමීප වේ.
පසුගිය නොවැම්බර් 01 වැනිදා සිට 30 වැනිදා දක්වා කාලය තුළ මෙරටට සංචාරක පැමිණීම් 184,158ක් පැමිණ ඇති බව ද අනාවරණය වී ඇත. පසුගිය මාසයේ තෙවැනි සතිය තුළ සංචාරක පැමිණීම් 42,376ක් වැඩිම පැමිණීම් සංඛ්‍යාව ලෙස වාර්තා වී ඇත.
එමෙන්ම වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර, ඉන්දියානු සංචාරකයින් 41,120 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර රුසියානු සමූහාණ්ඩුව දෙවන වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණ ඇති රාජ්‍යයවන අතර එම මුළු පැමිණීම 29,053 කි.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

