Latestදේශීය

හාල් තොග දඹුල්ලට ලැබෙමින් පවතී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මහා පරිමාණ සහල් මෝල් හිමියන් අතර සහල් හිඟය සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවෙන් පසු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ඊයේ (08) පෙරවරුවේ සිට සහල් තොග ලැබෙමින් පැවතුණි.

දඹුල්ල නගරයේ වෙ‍ෙළඳසල් කිහිපයකම පාලන මිල ගණන් යටතේ නාඩු සහල් සහ අනෙකුත් සහල් අලෙවි කරන අයුරු දැක ගැනීමට හැකි විය. පොලොන්නරුව ප්‍රදේශයේ සිට ලොරි පිටින් උදෑසනම වෙ‍ෙළඳසල්වලට සහල් තොග ලැබෙන අයුරු ද දැක ගැනීමට හැකිවිණි. එහි පාලන මිල පවා මුද්‍රණය කර තිබීම විශේෂිතය. දඹුල්ල නගරයේම ඇතැම් වෙළඳ සල්වලින් රුපියල් 225කටත් 230ටත් සහල් අ‍ෙලවිවෙද්දී ඇතැම් වෙ‍ෙළඳසල් හිමියන් කියා සිටියේ අනෙකුත් මෝල් හිමියන් ද තොග මිල අඩු කර නැති නිසා නාඩු හාල් කිලෝවක් රුපියල් 250කට අලෙවි කරන බවකි.

දඹුල්ල නගරයේ මෙදින පොල් ගෙඩියක් රුපියල් 140 සිට 170 අතර මිල ගණන් යටතේ මහ මඟ සහ තැන තැන අලෙවි කරන අයුරුද දැක ගැනීමට හැකි විය.

@දිනමිණ 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *