Latestදේශීය

සහල් අර්බුදයට විසදුම් සොයා අදසිට වැටලීම්

රජය විසින් නිකුත් කළ උපරිම මිල ඉක්මවා සහල් විකුණන වෙළෙඳුන් සොයා අද (10) සිට වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. 

එම අධිකාරියේ සභාපති, හේමන්ත සමරකෝන් මහතා සඳහන් කළේ, ඊයේ (09) දිනයේ දී සහල් සඳහා නියම කෙරුණු උපරිම මිල ඇතුළත් ගැසට් නිවේදනය අනුව එම තීරණය ගත් බවය.

නව සහල් මිල ප්‍රකාශයට පත් කර ඇති පසුබිමක එම සහල් මිල ඉක්මවා සහල් අලෙවි කරන ඕනෑම අයෙකුට එරෙහි නීතියානුකූලව කටයුතු කරන බව ද ඒ මහතා කියා සිටියේය.

“ඒ නිසා මම කාරුණිකව ඉල්ලා සිටිනවා, වෙළෙඳ ප්‍රජාවගෙන්, නිෂ්පාදකයින්ගෙන් හා තොග වෙළෙඳන්ගෙන් වගේම පාරිභෝගිකයින්ගෙන් අප විසින් ප්‍රසිද්ධියට පත්කළ තියෙන මිල අනුව තමන්ගේ සහල් ප්‍රමාණය මිලදී ගන්න. කිසියම් හෝ අකටයුත්තක් හෝ අධික මිලකට සහල් විකිණීමක් සිදුවන්නේ නම් ඒ ගැන පාරිභෝගික අධිකාරියේ 1977 අංකයට පැමිණිලි කළ හැකියි. ඒ වගේම පාරිභෝගික අධිකාරියේ දිස්ත්‍රික් කාර්යාලවලට හා ප්‍රධාන කාර්යාලයට පැමිණිලි කළ හැකියි.”

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *