ලොහාන් රත්වත්තේ ගේ වැදගත් පණිවුඩය
(බටහිර ඉවුරේ දර්ශනය)
ලොහාන් රත්වත්තේ විසින් සිදු කරමින් තිබෙන වැදගත් දෙයක් වන්නේ ඉහළ පාන්තික පවුල් වල අය ඊනියා නාගරික පොෂ් පොරවල් වන නිසා ඔවුන් ශිෂ්ඨ, දියුණු, වැදගත් වීම අනිවාර්යයක් වනවා යන දෘෂ්ඨිවාදය පොඩි පට්ටම් කිරීමයි. සෑම පසුබිමකින් වාගේම ඊනියා ඉහළ පවුල් වලින්ද පල් මෝඩයන්, සහ ජීවිතය වරදා ගත් මිනිසුන් සිටිය හැක. ඊනියා රත්වත්ත පවුලේ උසස් බවට ද මෙය අදාළ වේ.

ඔහු සමග ඇති ‘ඉංග්‍රී’සි, ‘නාගරික’, ‘ත්‍රිත්ව’ ආදී වෙනත් හැඟවුම් සම්බන්ධයෙන් කියන්නද තිබෙන්නේ ද මෙයයි. ඕනෑම පවුලක දක්ෂ, බුද්ධිමත්, දියුණු මිනිසුන් සිටිය හැක. ඕනෑම පවුලක මෝඩ, නොදියුණු,, නූගත් මිනිසුන් සිටිය හැක. මෙයට ගම, නගරය, පවුල වැනි අහඹු සාධක සත්භාවවේදී අනිවාර්යයතාවයන් ලෙස ඔසවා තැබීම මුළුමනින් අර්ථ විරහිත වේ.
ඊනියා රත්වත්තේ පවුල යනු අප සියලු දෙනාගේම පවුල් සේ බුද්ධිමතුන්, දක්ෂයන්, පිස්සන්, මෝඩයන්, පිරිච්ච සාමාන්‍ය තැනකි. මේ ආකාරයේ පවුල් වල ඊනියා පොෂ්බවක් තිබෙනවා කියා සිතනා ඓතිහාසික මර උගුලෙන් අප හැකිතාක් ඉක්මනින් මිදිය යුතුය.

(ලොහාන් රත්වත්තේ බන්ධනාගාර කළමණාකාර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් ඒ අතීත අවස්ථාව)
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

