Latestදේශීය

නෙවිල් ද සිල්වා අත්අඩංගුවට

පුද්ගලයකු පැහැරගෙන යාම සහ ඔහුගේ දේපළ බලහත්කාරයෙන් ලබා ගැනීම ආදිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මගින් ඊයේ (09) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අධිකාරී බුද්ධික මනතුංග පවසයි.

රත්නපුර කුරුවිට මැණික් ව්‍යාපාරිකයකු 2023 වර්ෂයේ අගෝස්තු 02 වෙනි දින කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පැමිණ ඔහුට අයත් රුපියල් කෝටි 14ක් පමණ වටිනා වාහන සහ මැණික් ඇතුළු දේපළ තොගයක් එම ප්‍රදේශයේ පුද්ගලයකු බලහත්කාරයෙන් ලබාගත් බව පවසමින් පැමිණිල්ලක් සිදුකර තිබී ඇත.

එම පැමිණිල්ල අනුව කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂකව සිටි සහකාර පොලිස් අධිකාරී විසින් බලහත්කාරයෙන් එම දේපළ ලබා ගත් බව කියන පුද්ගලයාව එම දේපළ සමග කොළඹ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන විත් එම දේපළ පැමිණිලිකරු වෙත ඒක පාර්ශ්විකව ලබා දී තිබේ. ඒ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශයට එම පුද්ගලයා විසින් පැමිණිලි කර ඇත. ඒ අනුව සිදු කළ පරීක්ෂණයේදී අනාවරණය වී ඇති කරුණු මත කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා අත්අඩංගුවට ගෙන තිබේ.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඇතත් නිසි ක්‍රමවේදයකින් තොරව එම දේපළ පැමිණිලිකාර පුද්ගලයා වෙත භාරදී ඇති බව විමර්ශනවලදී අනාවරණයවී ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *