Latestදේශීය

ලක්ෂ 50ක විදෙස් මත්පැන් අත්අඩංගුවට

ගම්පහ සුරාබදු කාර්යාලයේ නිලධාරීන් සිදුකළ වැටලීමකදී නීතිවිරෝධීව ගබඩා කර තිබූ විදේශීය මත්පැන් බෝතල් තොගයක් සොයාගෙන තිබේ.

සුරාබදු නිලධාරීන් පැවසුවේ, එහි වටිනාකම රුපියල් ලක්ෂ 50කට අධික බවය.

සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයාට ලැබුණු පැමිණිල්ලක් මත එම වැටලීම සිදුකළේ බොරැල්ලේ පිහිටි පෞද්ගලික ආයතනයකයි.

එහිදී ගම්පහ සුරාබදු කාර්යාලයේ නිලධාරීන් එම ආයතනයේ ගබඩා කර තිබූ විදේශීය මත්පැන් බෝතල් 173ක් සොයාගෙන තිබේ.

ඒ සමඟ කොළඹ පදිංචි වයස අවුරුදු 35ක පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව සුරාබදු නිලධාරීන් ප්‍රකාශ කළේය.

සැකකරු මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට අද (10) ඉදිරිපත් කිරීමට නියමිතය.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *