Latestදේශීය

ජාතික ලැයිස්තුවෙනුත් රනිල් පරාදයි

සිලින්ඩරය ලකුණ යටතේ පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් මෙතෙක් පත් කර නොතිබූ මන්ත්‍රී ධුරයද රනිල් වික්‍රමසිංහගෙන් ගිලිහී ගොස් තිබේ.

ඒ සදහා මේ වනවිට හිටපු ඇමති, ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා නම් කර ඇත.

ඊට අදාළ නම මේ වනවිට එම පක්ෂයේ ලේකම් ශ්‍යාමිලා පෙරේරා විසින් මැතිවරණ කොමිසම වෙත යොමු කර ඇති බවද වාර්තා වේ.

සිලින්ඩරය ලකුණෙන් පෙනී සිටි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායකා ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කළ අතර ඔහු පසුගිය ජනාධිපතිවරණයටද ඉදිරිපත් වූයේ සිලින්ඩරය ලකුණෙනි. ඒ අනුව මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔවුන්ට හිමි වූ ජාතික ලයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එකක් සඳහා හිටපු ඇමති රවී කරුණානායක නම් කළ අතර ඒ සඳහා රනිල් වික්‍රමසිංහ ඇතුළු ඔවුන් සමග සන්ධාන ගතව සිටි සෙසු පක්ෂවල එකඟතාවයක්ද නොතිබිණි.

කෙසේ වෙතත් හිටපු ඇමති කංචන විජේසේකර පත් කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දැඩි කැමැත්තක් තිබූ අතර පොහොට්ටු පක්ෂයෙන් වෙන්ව ගොස් විවිධ පක්ෂ පිහිටුවාගෙන සිලින්ඩරය සමග එක් වූ පක්ෂවල ඉල්ලීම වී තිබුණේද හිටපු ඇමති කංචන විජේසේකර පත් කිරීමටය.

කෙසේ වෙතත් මේ වනවිට වාර්තා වන්නේ තමන්ට හිතවාදී අයෙකු ජාතික ලයිස්තුවෙන් පත් කිරීමේ රනිල් වික්‍රමසිංහගේ එම සියලු උපක්‍රම පරාජයට පත් කරමින් හිටපු ඇමති, ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපාගේ නම මැතිවරණ කොමිසමට යොමු කර ඇති බවය.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *