වාද්දුවේ නිවසක් මුළුමනින්ම අළුවෙයි
වාද්දුව පොතුපිටියේ නිවසක අද (11) හටගත් ගින්නකින් නිවස මුළුමනින්ම අළුවී ඇති බව වාද්දුව පොලිසිය පවසයි .
මෙසේ ගිනිගෙන අළුවී ඇත්තේ වාද්දුව,පොතුපිටිය කරදගහ පාරේ ටී.අනුලාවතී මහත්මියගේ නිවස බව පොලිසිය සඳහන් කරයි.
නිවසේ ටී අනුලාවතී මහත්මිය සහ ඇයගේ පුත්‍රයා පදිංචිව සිට ඇති අතර ගින්න හටගන්නා මොහොතේ ඔවුන් දෙදෙනාම නිවසේ සිට නොමැති බව පොලිසිය කීය.
ගින්න යාබද නිවසකටද පැතිර යමින් තිබූ අතර , ප්‍රදේශයේ තරුණ පිරිසක් එක්ව පැතිර යමින් තිබූ ගින්න පාලනය කරන ලදී.
කළුතර නගර සභාවේ ගිනි නිවන භට කණ්ඩායමක් සහ විදුලි පෞද්ගලික සේවකයින්ද ස්ථානයට කැදවා තිබුණි.
නිවෙස් හිමි කාන්තාව බුදු පහන දල්වා පිටව ගොස් ඇති අතර , එය පෙරලී ගිනි ගන්නට ඇති බවට සැක පලකරන නමුත් , හේතූව නිශ්චිතවම මෙතෙක් අණාවරණය වී නොමැත.
වාද්දුව ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චාමින්ද කුමාර මහතා ගේ උපදෙස් පරිදි පරීක්ෂණ පවත්වති.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

