සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යංශ නව ලේකම් අනිල් ජාසිංහ
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වරයෙකු ලෙස කටයුතු කළ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පත් කොට තිබේ.
ඔහු කලක් පරිසර අමාත්‍යාංශයේ ලේකම් ලෙසද කටයුතු කරනු ලැබීය.
මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (10) පස්වරුවේ පිරිනැමූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

