අද සවස ගිගුරුම් සහිත වැසි
අද (13) දිනයේ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සිය නවතම නිවේදනය මගින් ඒ බව සඳහන් කරයි.
සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.
ඌව පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක් තද වැසි ඇතිවෙයි.
බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකිය.
මධ්‍යම, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතී.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

