අළුත් නීති අවශ්‍ය නැහැ, දූෂණ වංචා දඩුවම් සදහා තියෙන නීති ප්‍රමාණවත් – විජයදාස රාජපක්ෂ
(චමින්ද සිල්වා)
රටේ සිදුව ඇති දූෂණ, වංචා සහ සොරකම් සම්බන්ධව ක්‍රියාත්මකවීම සඳහා නව නීති සම්මත කරන තෙක් සිටීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත් 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතේ රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ දූෂණ වංචාවලට එරෙහිව ක්‍රියාත්මකවීමට ප්‍රමාණවත් නීති අන්තර්ගතව පවතින බවත් හිටපු අධිකරණ, බන්ධනාගාර සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා පවසයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිතා කිරීම නතර කිරීම සඳහා නව නීති පැනවීමේ අවශ්‍යතාවක් නොමැති බවද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා කියා සිටී.
මේ සඳහා නීති විරෝධී ලෙස උපයන ලද වත්කම් අත්පත් කර ගැනීමේ පනත් කෙටුම්පත (Proceed of crime Bill) ප්‍රතිෂ්ඨාපනය, පුනරුත්ථාපනය සහ වස්තුභංගත්ව පනත් කෙටුම්පත (Rescue, Rehabilitation and Insolvency Bill) ප්‍රතිත්‍රස්ත පනත (Anti-Terrorsm Bill) යන පනත් තුන දූෂණ වංචා සහ සොරකම් මෙන්ම ත්‍රස්තවාදය සම්බන්ධයෙන් කටයුතු කිරීමට හොඳටම ප්‍රමාණවත් බවද රාජපක්ෂ මහතා එම නිවේදනයෙන් අවධාරණය කර සිටී.
ඒ සඳහා කළ යුත්තේ මෙම පනත් තුන තහවුරු කිරීම සහ ව්‍යවස්ථාදායකය විසින් වහා සම්මත කර ගැනීම බවත් ඒ සඳහා බලයේ සිටින්නේ කුමන පක්ෂයක ආණ්ඩුවද යන්න වැදගත් නොවන බවත්ය.
@දිවයින