Latestදේශීය

විදුලිය ලබාගැනීමේ ක්‍රමවේදය මේකයි – තිලක් සියඹලාපිටිය

තමන් සතුව හෝ තම පෞද්ගලික පාර්ශ්වය සතුව හෝ විදුලි බලාගාරයක් නොමැති බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා ඊයේ (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී අවධාරණය කළේය.

ජල විදුලිය උපරිම මට්ටමින් තිබුණත් ඉතිරි අවශ්‍ය ධාරිතාවය ජල විදුලිය මෙන්ම පෞද්ගලික අංශයට අයත් පුනර්ජනනීය බලාගාර (සුළං, තාප සහ කුඩා ජල විදුලි බලාගාර මෙන්ම වහලේ සවිකරන ලද සුර්යකෝෂ) වලින් නිෂ්පාදිත විදුලිය සියලුම ප්‍රමාණයන් සෑම වෙලාවක දී ම විදුලිබල මණ්ඩලය විසින් මිලට ගත යුතු බව සභාපතිවරයා මෙහි දී සඳහන් කළේය.
ඒ අනුව විදුලි බල මණ්ඩලය සතු ක්‍රියාකරන ජල විදුලි බලාගාර මෙන්ම කුඩා පෞද්ගලික පුනර්ජනනීය බලාගාරත්, සියල්ලම ක්‍රියාත්මක වූ පසුත් විදුලිය අවශ්‍ය වන ප්‍රමාණය මුලින්ම ලබා ගත යුත්තේ ගල් අඟුරු බලාගාර වලින් බව ඒ මහතා සඳහන් කළේය.
එමෙන්ම, මෙරට තාප බලාගාර වලින් මිල අඩුම බලාගාරය වන්නේ ගල් අඟුරු බලාගාරය බව සඳහන් කළ ඒ මහතා, ගල් අඟුරු බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර 03 ක් තිබෙන අතර ඉන් එකක් දීර්ඝ කාලීනව නඩත්තුව සඳහා නතර කර ඇති අතර ගල් අඟුරු බලාගාරය වැඩි වශයෙන් නඩත්තුව සිදු කරන්නේ වැඩි වශයෙන් ජලය තිබෙන කාලවකවානුවක දී වේ.
ඊට හේතුව වශයෙන් ඒ මහතා සඳහන් කළේ, වෙනත් කාල වල දී බලාගාරය සම්පුර්ණයෙන් අවශ්‍ය වන බැවිනි.
එමෙන්ම, අනිකුත් ජනන යන්ත්‍ර 02 විදුලිය මෙගාවොට් 540ක් නිෂ්පාදනය කළ හැකි පද්ධතියක් වන නමුත් දහවල් කාලයේ දී සුර්ය බලය ලැබෙන බැවින් මෙම ජනන යන්ත්‍ර දෙකෙන් එකක් ධාරිතාවය ඉතාමත් අඩු මට්ටමින් ක්‍රියා කිරීමට කටයුතු කරන බව හෙතෙම සඳහන් කළේය.
ඒ අනුව, එහි ඉතාමත් අඩු මට්ටමින් ක්‍රියා ජනන යන්ත්‍රයේ ඇති ගල් අඟුරු ඇඹරීමේ යන්ත්‍රවල යම්කිසි තාක්‍ෂණික සීමාවක් තිබෙන බැවින් එමඟින් නිෂ්පාදනය කරන විදුලි ප්‍රමාණය දහවලට අඩු කිරීමත්, රාත්‍රියට වැඩි කිරීමේ යම්කිසි සීමාවන් තිබෙන අතර එම සීමාවට යටත්වීම නිසා ගල් අඟුරු බලාගාරයේ යම් ධාරිතාවයක් තිබුණත් ඇතැම් වෙලාවට තෙල් බලාගාරය ක්‍රියාත්මක කිරීමට සිදුවන බවත්, තෙල් බලාගාරය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වුවත් එහි දී ත් විවිධ තෙල් බලාගාර ඇති බැවින් එකී බලාගාර ක්‍රියාත්මක කිරීමට හෝ යම් කිසි වෙලාවක අවශ්‍ය නම් නිවා දැමීමට යම් කිසි වියදමක් දැරීමට අවශ්‍ය වන බවත්, ඒ මහතා මෙහි දී පැහැඳිලි කළේය.
මෙම සියලු කරුණු සැළකිල්ලට ගෙන පද්ධති පාලන මධ්‍යස්ථානය නිරන්තර අවදියෙන් සිටින බවත්, එම අවශ්‍ය ගණනය කිරීම් සිදු කිරීමෙන් අනතුරුව සීමාවන්ට යටත්ව අඩුම මිලට විදුලිය ලබා ගැනීමට අවශ්‍ය වන තීරණය ගනු ලබන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *