කතානායකගේ ඉල්ලා අස්වීම ජනපති පිළිගනී
කථානායක අසෝක රන්වල මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා පිළිගෙන ඇති බව ජනාධිපති ලේකම්වරයා විසින් පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය වෙත ලිඛිතව දැනුම්දී ඇත.
දහවැනි පාර්ලිමේන්තුවේ අභිනව කථානායකවරයා ලෙස පත්වූ අසෝක රන්වල මහතා තමා ධුරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම්දී තිබිණි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 64(2) ව්‍යවස්ථාව අනුව කථානායක, නියෝජ්‍ය කථානායක හෝ නියෝජ්‍ය කාරක සභා සභාපති යන කවර පදවියකින් හෝ ඉල්ලා අස් වන්නේ නම් ඒ බව ස්වකීය අත්සන යටතේ වූ ලිපියක් මගින් ජනාධිපතිවරයාට දැනුම්දිය යුතු වේ.
ඒ අනුව ජනාධිපති ලේකම්වරයා විසින් පාර්ලිමේන්තුවේ මහලේකම්වරියට මෙම ලිඛිත දැනුම්දීම සිදුකර ඇත.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

