Latestදේශීය

රන්වලගේ තීරණය සහ විපක්ෂයේ නිහඬතාවය

කථානායක ධූරයෙන් ඉල්ලා අස්වූ අශෝක රන්වල මහතා තම අධ්‍යාපන සුදුසුකම් හී නිරවද්‍යභාවය ඉක්මනින් තහවුරු කරන බව පවසනවා. තමාට ආචාර්ය උපාධිය ලබා දුන් ජපානයේ වසීදා විශ්ව විද්‍යාලයට අනුබද්ධ පර්යේෂණ ආයතනයෙන් ඊට අදාළ අධ්‍යාපන ලියකියවිලි ඉදිරිපත් කිරීමේ හැකියාවක් පවතින බව ද ඒවා හැකි ඉක්මනින් ඉදිරිපත් කරන බව ද සිය නිවේදනයෙහි වැඩි දුරටත් සදහන් කර තිබෙනවා.

අධ්‍යාපන සුදුසුකම් පිළිබද මතුවූ ආන්දෝලනාත්මක සමාජ ගැටලුවට අදාල තහවුරු කිරීමට අවශ්‍ය ඇතැම් ලියකියවිලි මේ මොහොතේ ඉදිරිපත් කිරීමට තමා සතුව නොමැති බැවින් එම ලිපි ඉදිරිපත් කරන තෙක් තමන් වගකීම්සහගතව කථානායකධූරයෙන් ඉල්ලා අස්වන බවයි රන්වල මහතා වැඩිදුරටත් සදහන් කරන්නේ.

මේ අතර සමාජ මාධ්‍ය තුළ මෙම කාරණය පිළිබද විවිධ පුවත් පල වුවද වත්මන් රජයට අභියෝග කිරීමට පාර්ලිමේන්තු විපක්ෂයේ කිසිදු පක්ෂයක් සෘජුව ඉදිරිපත් නොවීම පිළිබද මත පලකරන දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ වත්මන් රජයට චෝදනා කිරීමට මෙම කාරණය මතුකළහොත් ඒ තුළ සිය පක්ෂයන් හී විවිධ තරාතිරමේ සාමාජිකයින්ගේ බරපතල කරුණු හෙලිදරව් වීමට නියමිත බැවින් එම දේශපාලන පක්ෂ නිහඩ පිලිවෙතක් අනුගමනය කරමින් සිටින බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *