Latestදේශීයනවතම ලිපි

අල්ලු අර්ජුන්ට ඇප

තෙළිඟු චිත්‍රපට කර්මාන්තයේ ප්‍රමුඛ චරිතයක් වන ඉන්දීය නළු අල්ලු අර්ජුන්, හයිද්‍රාබාද් හි පැවති ඔහුගේ චිත්‍රපටයේ මංගල දර්ශනයේදී ඛේදජනක සිදුවීමකින් පසුව අත්අඩංගුවට ගෙන, අනතුරුව ඇප මත නිදහස් විය.

මෙම සිදුවීමෙන් 39 හැවිරිදි කාන්තාවකගේ ජීවිතය අහිමි වූ අතර ඇගේ පුතාට බරපතල තුවාල සිදුවිය.

පසුගිය දෙසැම්බර් 4 වැනිදා අර්ජුන් සිය චිත්‍රපටයේ මංගල දර්ශනයට අහභාගී වූයේ පෙර නොවූ විරූ විශාල ජනකායකගේ සහභාගිත්වයෙනි.

එහිදී ජනතාව තදබද වීම හේතුවෙන් යාබද ගේට්ටුවක් කඩාවැටී අදාළ කාන්තාව ජිවිතක්ෂයට පත්විය.

පොලිසිය නළුවාට, ඔහුගේ ආරක්ෂක කණ්ඩායමට සහ රඟහල කළමනාකාරීත්වයට සාපරාධී මිනීමැරුම් චෝදනා එල්ල කර ඇත්තේ, නිර්මාණය වූ අවුල් සහගත තත්ත්වයට ඔවුන් වගකිව යුතු බව පවසමිනි.

මුලදී ප්‍රාදේශීය අධිකරණයක් අර්ජුන් දින 14ක පොලිස් අත්අඩංගුවේ තැබීමට නියෝග කළ නමුත් පැය කිහිපයකට පසු මහාධිකරණය මැදිහත් වී ඔහුට ඇප ලබාදුන්නේය.

@දිනමිණ 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *