Latestවිදේශීය

දෝෂාභියෝගයෙන් දකුණු කොරියානු ජනාධිපතිට බලය අහිමිවෙයි

දකුණු කොරියානු ජනපති යුන් සුක් යෝල්ට එරෙහිව පාර්ලිමේන්තුවේ විපක්ෂය විසින් දෙවන වරට ගෙන ආ දෝෂාභියෝගය සම්මත වී තිබේ.

ඊට අදාළ ඡන්ද විමසීම ඊයේ (14) පෙරවරුවේ එරටදී පැවැත්වුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දකුණු කොරියානු විපක්ෂය එරට ජනාධිපති යුන් සුක් යෝල්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ආවේ ජනාධිපතිවරයා පසුගිය දෙසැම්බර් 3 වැනිදා රාත්‍රියේ දී හදිසියේ හමුදා නීතිය පැනවීමේ සිදුවීම පදනම් කර ගනිමිනි.

කෙසේ වුවද පළමු වරට ගෙනආ දෝෂාභියෝගයේදී ජනාධිපති නියෝජනය කරන පාලක පීපල් පවර් පක්ෂය ඡන්ද විමසීම වර්ජනය කිරීමෙන් දෝෂාභියෝගය එරට පාර්ලිමේන්තුව හමුවේ පරාජයට පත්විය.

ජනාධිපතිවරයාට එරෙහිව දෙවන වරටත් දෝෂාභියෝගයක් ගෙන ඒමට විපක්ෂය (13) පියවර ගත්තේ ඒ අනුව ය.

එහිදී දකුණු කොරියානු පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන් සිය ඡන්දය භාවිත කළ අතර මන්ත්‍රීවරුන් 204ක් දෝෂාභියෝගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබුණි.

දෝෂාභියෝගයට විපක්ෂව හිමිව ඇත්තේ ඡන්ද 85ක් පමණි.

ඒ අනුව දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල්ට එරෙහි දෝෂාභියෝගය අද එරට පාර්ලිමේන්තුවේ දී සම්මත විය.

ඒ අනුව ඉදිරියේදී ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත්කිරීමට නියමිත අතර එරට අගමැතිවරයා වැඩබලන ජනාධිපති ලෙස කටයුතු කිරීමට නියමිතය.

@දිනමිණ 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *