බෙලිඅත්ත දුම්රිය අනතුර – 3 දෙනෙකුගේ වැඩ තහනම්
බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ දී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුර සම්බන්ධයෙන් තිදෙනෙකුගේ වැඩතහනමට ලක්කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ දී බෙලිඅත්තේ සිට අනුරාධපුරය දක්වා ධාවන කිරීමට සැලසුම්කර තිබු රජරට රැජිණ දුම්රියේ එංජිම මාරු කිරීමේදී එය වැරදි පීල්ලේ ධාවනය වීම හේතුවෙන් එහි නවතා තිබූ සාගරිකා දුම්රියේ ගැටී ඊයේ (15) පෙරවරුවේ අනතුරක් සිදුව තිබුණි.
මේ සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කළේය.
ඒ අනුව එම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට එහි සේවකයින් තිදෙනෙකුගේ වැඩතහනමට ලක් කර ඇති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ. ඉඳිපොලගේ මහතා සඳහන් කළේය.
එමෙන්ම අදාළ දුම්රියන් වෙනුවට විකල්ප දුම්රියන් යෙදවීමට ද අවශ්‍ය පියවර ගෙන ඇති බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

