Latestදේශීය

නාමල්ගේ නීති උපාධිය වංචාවක් – ඇසින්දුටු සාක්ෂිකරු කියයි

පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා නීති විද්‍යාලයේදී නීති විභාගයට පෙනී සිටියේ වංචා සහගත ලෙස බව තුෂාර ජයරත්න මහතා සඳහන් කරයි.

විදේශගතව සිටින ඔහු අන්තර්ජාලයට වීඩියෝවක් නිකුත් කරමින් සඳහන් කරන්නේ අදාළ පැමිණිල්ල සඳහා සාක්ෂිකරුවකු ලෙස කටයුතු කිරීමට තමන් ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි.

ඇමති වසන්ත සමරසිංහ මහතාට අදාළ තොරතුරු ලබා දුන්නේ තමන් බවත් එම තොරතුරු සියල්ල සත්‍ය බවත් ඔහු කියා සිටී.

මේ සම්බන්ධයෙන් තමන් පසුගිය ආණ්ඩු වලදී ද පැමිණිලි කර ඇතත් ඒවා සැලකිල්ලට ලක් නොවූ බවද හෙතෙම කියා සිටියේය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *