සුදුවෑන් වලින් පැහැරගෙන ගොස් කිඹුලන්ට කන්න දුන් කතාව සත්‍යයක් බව CID නිළධාරීන් කිවුවා – රාජිත සේනාරත්න
රාජපක්ෂ පාලන සමයේ සුදු වෑන් මගින් පැහැරගත් පුද්ගලයින් මරා අතුණු බහන් කොටස් ඉවත් කර මළසිරුරු කිඹුලන්ට කන්න දැමු කතාව සත්‍යයක් ලෙස තහවුරු වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තමන්ට දැනුම් දුන් බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.
අන්තර්ජාල නාලිකාවක් සමඟ සංවාදයකට එක් වෙමින් ඔහු සඳහන් කර තිබෙන්නේ එම සත්‍ය කරුණු වසන් කිරීම සඳහා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියෙකු ලෙස කටයුතු කර පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී තනතුරට පත් නිලධාරියෙකු සම්බන්ධ වී ඇති බවය.
යහපාලන සමයේ සිදුකළ අපරාධ පරීක්ෂණ අඩාල වුයේ ඇතැම් අයගේ අනවශ්‍ය කලබලය නිසා බවද ඔහු මෙහිදී සඳහන් කර ඇත.
එවක පිහිට වූ පොලිස් අපරාධ කොට්ටාශය භාරව සිටි ප්‍රධාන නිලධාරියාද දුෂිත ක්‍රම වේදය තුළ කටයුතු කිරීම හේතුවෙන් එම පරීක්ෂණ සම්බන්ධයෙන් බරපතළ ගැටළුවක් නිර්මාණය වූ බවද ඔහු සඳහන් කර තිබේ.
කෙසේ වෙතත් රජයකට මෙම පරීක්ෂණ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කර වරද කරුවන්ට දඩුවම් පැමිණවීමට වසර පහක කාලයක් පමණක් ප්‍රමාණවත් නොවන බවද ඔහු පෙන්වා දී ඇත.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

