Latestදේශීය

රට බංකොලොත්භාවයෙන් මිදුනු ඓතිහාසික දෙසැම්බර් 20දා – මහින්ද සිරිවර්ධන

රට බංකොලොත්භාවයෙන් ඉවත් වූ දෙසැම්බර් 20වැනිදා දිනය ඓතිහාසික දිනයක් බව මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පවසයි.

ආර්ථික තත්ත්වය නිසි අයුරින් පවත්වා ගැනීමට නිවැරදි ආර්ථික ප්‍රතිපත්ති ඉදිරියේදී අනුගමනය කළ යුතුව ඇති බව X පණිවුඩයක් නිකුත් කරමින් ඔහු පෙන්වාදෙයි.

රටක දේශපාලන වෙනස්කම් සිදුවුවත්, වෙනස් නොවන නිවැරදි ආර්ථික මූලධර්ම අනුගමනය කිරීම අතිශය වැදගත් බව ද ලේකම්වරයා නිකුත් කළ X පණිවිඩයේ සඳහන් වේ.

ඔහු වැඩිදුරටත් පෙන්වාදෙන්නේ, රට බංකොලොත්භාවයෙන් ඉවත්වීම තුළ ආරම්භ වන නව ගමනට සියලු දෙනාගේ සහය අවශ්‍ය බවයි.

ගෝලීය ශ්‍රේණිගත කිරීමේ ප්‍රමුඛ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් විසින් ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශ මුදල් නිකුත් කරන්නන්ගේ පෙරනිමි ශ්‍රේණිගත කිරීම ‘RD’ සිට ‘CCC+’ දක්වා උසස් කර ඇත.

මෙම ශ්‍රේණිගත කිරීම මගින් ශ්‍රී ලංකා බංකොලොත්භාවයෙන් ඉවතට පැමිණීමක් ලෙස අන්තර්ජාතිකව පිළිගැනේ.

@දිනමිණ 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *