Latestදේශීය

ඇමති නිල නිවාස සංචාරක ව්‍යාපාරයට – චන්දන අබේරත්න

පසුගිය පාලන සමයන් හිදී ඇමතිවරුන්ට නිල නිවාස ලෙස ලබා දී තිබූ අති සුඛෝපභෝගී නිවාස විදේශ සංචාරකයන් වෙනුවෙන් වෙන් කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන ඇමති මහාචාර්ය චන්දන අබේරත්න පවසයි.

ඒ අනුව පෞරාණික වටිනාකම් සහිත ඇමැති නිල නිවාස ඒ සඳහා වෙන් කෙරෙනු ඇතැයිද මෙමගින් ලොකු ආදායමක් උපයාගත හැකි වෙතැයි අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කරයි.

මේ අතර ඇමැති බංගලා සම්බන්ධයෙන් විශේෂ සමීක්ෂණයක් ආරම්භ කළ බවද ඇමති මහාචාර්ය චන්දන අබේරත්න සඳහන් කරයි.

එම ඇමති බංගලා අයත් අමාත්‍යාංශ මොනවාද සහ එම බංගලාවලට අයිතිය දේපළ මොනවාද ඇතුළු කරුණු කාරණා රැසක් මෙහිදී සොයා ගැනීමට නියමිතය.

මේ අතර රජයේ සේවකයන් වෙනුවෙන් ලබා දී ඇති බංගලා ඔවුනට දිගටම ලබාදීමට අපේක්ෂා කරන බවද රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන ඇමති මහාචාර්ය චන්දන අබේරත්න පවසයි.

ඇමතිවරුන් වෙනුවෙන් නිල නිවාස 35ක් කොළඹින් වෙන්කර තිබී ඇත.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *