Latestදේශීය

මාලිමා ආන්ඩුවේ හරි දේට හරි කියනවා, ඉදිරියේදී ශ්‍රීලනිප ආන්ඩුවක් පිහිටුවනවා – ෆයිසර් මුස්තාපා

“මාලිමාව ආණ්ඩු බලය ලබා ගත්තා. දැන් එම පක්ෂය ආණ්ඩුව ගෙනියනවා. අපිට වුවමනා ඒගොල්ලෝ පාලනය ගෙන යන හැටි බලාගෙන ඉන්නයි. හොඳ දේට හොඳයි කියන්න මිසක් හැමදේටම විරුද්ධ වෙන්න අපි සූදානම් නැහැ“ යැයි නව ප්‍රජානන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාපා මහතා සඳහන් කරයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් තමා දිවුරුම් දුන්නේ වසර 05ක කාලයක් එම භාරදූර වගකීම ජනතාව වෙනුවෙන් කැපවීමෙන් ඉටු කරන්නට මිස මන්ත්‍රීකම කාටවත් දීලා අස්වෙන්න නොවන බව ද ෆයිසර් මුස්තාපා මහතා කීය.

තමාට ලද ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීම සඳහා රාජගිරියේ පිහිටි සිය පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා එසේ පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාපා මහතා එහිදී මෙසේද පැවසීය. අපි ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ හා සන්ධානගත වෙලා වමේ බලවේග හැටියට ප්‍රගතිශීලී පක්ෂ 04ක් මහමැතිවරණයට තරග වැදුණා. මාලිමාව ආණ්ඩු බලය ලබා ගත්තා. දැන් එම පක්ෂය ආණ්ඩුව ගෙනියනවා. අපිට වුවමනා ඒගොල්ලෝ පාලනය ගෙන යන හැටි බලාගෙන ඉන්නයි, හොඳ දේට හොඳයි කියන්න මිසක් හැමදේටම විරුද්ධ වෙන්න අපි සූදානම් නැහැ. මෙම සන්ධානගත පක්ෂ අතර ප්‍රධාන පක්ෂය වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිසා පක්ෂ හතරෙන් තුනකම කැමැත්ත මතයි අපේ පක්ෂයට මේ මන්ත්‍රී ධුරය ලැබුණේ. ඉදිරි මහමැතිවරණයකදී ගෑස් සිලින්ඩරයෙන් නොවෙයි ප්‍රගතිශීලී පක්ෂවල සන්ධානගත වීමකින් අපි මේ රටේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිහිටුවනවා.

@දිනමිණ 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *