අඩු මුදලට මත්පැන් එපා
අඩු මුදලකට මත්පැන් බෝතලයක් හඳුන්වාදීමේ වැඩපිලිවෙල කඩාකප්පල් කිරීමේ අරමුණෙන් එක්තරා බියර් නිෂ්පාදන සමාගමක් නිලධාරින් පිරිසක් කුමන්ත්‍රණ කරමින් සිටින බව ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රලාභී සංගමය පවසයි.
ජනාධිපති අනුර දිසානායක වෙත ලිපියක් යවමින් ඔවුන් පෙන්වා දෙන්නේ නව සුරාබසු කොමසාරිස් ජනරාල්වරයා දුෂණ සහ අක්‍රමිකතා මර්දනයට කටයුතු කරමින් සිටින බවත් ඔහුට එම කටයුතු කිරීමට කාලයක් දිය යුතු බවත්ය.
නීති විරෝධී මත්පැන් බලපත්‍ර ලබාදීම හා කංසා වගා කිරීමට නීති ගෙන ඒමේදී නිහඬව සිටි ඇතැම් සංවිධාන නව සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයාට විවේචන කිරීම ඉතා කනගාටුදායක බවත් එම ලිපියෙන් පෙන්වා දී ඇත.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

