කලා පුනරුදය ගැන හිනිදුම සුනිල් කියයි
සංවර්ධන කටයුතු අතරමග නවතා දමා ඇති ජෝන් ද සිල්වා සමරු රඟහල සහ ජාතික කලා භවනෙහි වැඩ නිමකර මහජන අයිතියට පැවරීමට පියවර ගන්නා බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි මහතා කියයි.
ඊයේ (23) නෙළුම් පොකුණ රඟහලේදී අතිඋත්කර්ෂවත්ව පැවති 51 වැනි රාජ්‍ය නාට්‍ය සම්මාන උළෙල අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
මෙහිදී ශ්‍රී ලාංකේය නාට්‍ය කලාව සුපෝෂණය කිරීම උදෙසා අග්‍රගණ්‍ය මෙහෙවරක් ඉටු කළ අයිරාංගනී සේරසිංහ මහත්මිය,ආරියවංශ රණවීර ශූරීන් සහ ජේ. ජොන්සන් රාජ්කුමාර් මහතා යන ප්‍රවීණ කලාකරුවන් තිදෙනා ජීවිතයේ එක්වරක් පමණක් පිරිනැමෙන ‘නාට්‍ය කීර්ති’ සම්මානයෙන් පිදුම් ලැබීය.
කෙටි සහ දිගු නාට්‍ය යන අංශ ද්විත්වය සඳහා පසුතල නිර්මාණය, වේදිකා පරිපාලනය, අංගරචනය, රංගාලෝකය, රංග වස්ත්‍ර, රංගභූමි අලංකරණය, සංගීත නිර්මාණය, රංග වින්‍යාසය, පිටපත් රචනය, රංගනය – පිරිමි සහ ගැහැණු ආදී අංශ ගණනාවක් සඳහා මෙහිදී සම්මාන, සහතික පත්‍ර සහ මූල්‍ය ත්‍යාග පිරිනැමුණි.
හොඳම රංගනය පිරිමි දිගු නාට්‍ය – සිංහල – දමින්ද නන්දරත්න
හොඳම රංගනය ගැහැණු දිගු නාට්‍ය – සිංහල – නයෝමි තක්ෂිලා
හොඳම කෙටි නාට්‍ය නිෂ්පාදනය – සිංහල – සඳමේධරා කෙටි නාට්‍ය – රවිඳු සම්පත් වික්‍රමසේකර
හොඳම කෙටි නාට්‍ය අධ්‍යක්ෂණය – සිංහල – සඳමේධරා කෙටි නාට්‍ය – රවිඳු සම්පත් වික්‍රමසේකර
හොඳම අධ්‍යක්ෂණය කෙටි නාට්‍ය – සිංහල – ජූරියේ විශේෂ සම්මානය – මිලිටරි ඩිලිවරි කෙටි නාට්‍ය – යසිරු සඳරුවන් වීරසිංහ සහ දිනුෂ ප්‍රතිභා ගලබඩවත්ත
හොඳම කෙටි නාට්‍ය නිෂ්පාදනය – දෙමළ – Kuruthiyoottu කෙටි නාට්‍ය – රාමලිංගම් ශ්‍රිකාන්ත්
හොඳම කෙටි නාට්‍ය අධ්‍යක්ෂණය – දෙමළ – Velichcheme කෙටි නාට්‍ය – සෙල්වරාජ් ලීලාවතී
අග්‍රාමාත්‍ය ලේකම් ජී. පී .සපුතන්ත්‍රි, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඒ.එම්.පී.එම්.බී. අතපත්තු, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තු අධ්යක්ෂ යසින්තා ගුණවර්ධන, ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපති මහාචාර්ය ප්‍රණීත් අභයුන්දර, රාජ්‍ය නාට්‍ය උපදේශක සභාවේ සභාපති ජේෂ්ඨ කථිකාචාර්ය චන්ද්‍රසිරි බෝගමුව, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගේ සම්බන්ධීකරණ ලේකම් ප්‍රේමරත්න තෙන්නකෝන් යන මහත්ම මහත්මීහු, කලාකරුවන්, දෙපාර්තමේන්තු නිලධාරීහු ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
@දිනමිණ