Latestදේශීයවිදේශීය

කච්චතිවු ඉන්දියාවට පවරාගන්න යෝජනාවක් සම්මත කරයි

ශ්‍රී ලංකාවට අයත් කච්චතිව් දූපත නැවත ඉන්දියාවට පරාගත යුතු බවට එරට ද්‍රවිඩ මුන්නේත‍්‍රම් කලහම් පක්ෂය යෝජනාවක් සම්මත කරගෙන තිබේ.

ඉන්දියාව සහ ලංකාව අතර පවතින ධීවර ගැටළුවට ස්ථිර විසඳුමක් ලබා ගැනීමට අවශ්‍ය නම් කච්චතිවු දූපත ඉන්දියාවට ලබාගත යුතු බවද එම යෝජනාවේ සඳහන්ය.

එම පක්ෂයේ නායක සහ තමිල්නාඩු ප්‍රාන්ත මහ ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂය කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී මෙම යෝජනාව ඒකමතිකව සම්මත කරගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

සම්මත කරගන්නා ලද යෝජනාව ඉන්දියාවේ මධ්‍යම රජය වෙතය යොමු කිරීමටද එහිදී තීරණය වී ඇත.

මෙසේ කෙසේ වෙතත් මේ පිළිබඳ ප්‍රතිචාර දක්වමින් කැබිනට් ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ ඉන්දීය දේශපාලන පක්ෂයක් විසින් මෙම යෝජනාව සම්මත කර ඇතත් ඉන්දියාවේ මධ්‍යම රජය මේ සම්බන්ධයෙන් කිසිදු යෝජනාවක් ශ්‍රී ලංකාවට ඉදිරිපත් කර නැති බවයි.

නමුත් ඉන්දියානු රජය මෙවන් යෝජනාවක් ඉදිරිපත් කළොත් ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට සූදානම් බවත් හෙතෙම කියා සිටියේය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *