Latestදේශීයනවතම ලිපිමතවාදසංස්කෘතික

ජැක්සන් සකල කලා සක්විති ද?

(සුජිත් රත්නායක)

බෑණා කියනවා ජැකා සකල කලා සක්විති ය කියලා. ඔය සකල කලා සක්විති කියන කියමන ජැක්සන්ට කරන අපහාසයක්. ලෝකයේ කොහේවත් සකල කලා සක්විතිලා නැහැ.

ලියනාඩෝ ඩාවින්සි චිත්‍ර කලාව හා සැලසුම්වේදයට අදාළව මුලු ලෝකෙම දන්නා මාස්ටර් කෙනෙක් වගේ පොරක්. සාමාන්‍යයෙන් ඩාවින්සි රජෙක්, සක්විත්තෙක් හැටියට හදුන්වන්නේ නෑ. රජකම බලය හා සම්බන්ධ දෙයක් නේ.

ඔය සක්විති ය කියන ජැකා ලංකාවට ලොකු උනාට ලෝකෙට ලොකු නෑ. ඩාවින්සි ලෝකෙට ම ලොකුයි. ලංකාවෙ මිනිස්සුන්ගේ අතිශයෝක්ති ඇන්දවීම එහෙමත් නැත්නං පැනලා දීම හෙන ගොංපාට් එකක්. තමන්ට කවුරුහරි කෙනෙක් සකල කලා සක්විති කියලා කියනවානං ඒක වැරදියි කියලා කියන කෙනාගෙ මූනට ජැක්සන් කිව්වෙත් නැහැ.

ජැක්සන් නැති වෙලේ මෙහෙම කියන්න වෙනවට දුකයි. නමුත් ජැක්සන්ගෙ බෑනලා මාධ්‍ය සාකච්ඡා තියලා වෘත්තීය සිත්තරුන් වන අපේ මූනවල් වල සකල කලා සක්විති ෆැන්ටසිය උලන්න එන කොට ජැකා නැහැ කියලා කරබාගෙන ඉන්නත් බෑ.

ජැක්සන් සින්දු කියනවා තමයි. නමුත් කසුන් කල්හාර එක්ක ගත්තාම ජැක්සන් කවුද? ජැක්සන් නටන්නත් දක්ෂයි. ඒත් චිත්‍රසේන එක්ක ගත්තාම ජැක්සන් කවුද? ජැක්සන් චිත්‍ර කතා එහෙමත් ඇදලා තියෙනවා තමයි. ඒත් චන්ද්‍රගුප්ත තේනුවර එක්ක ගත්තාම ජැක්සන් කවුද? ජැක්සන්ට ලියන්න පුලුවන් ඒත් සයිමන් නවගත්තේගම එක්ක ගත්තාම ජැක්සන් කවුද?

රගපෑම, සිනමා අධ්‍යක්ෂණය සහ presenter කෙනෙක්ගෙ පැත්තෙන් ජැක්සන්ට කෘතහස්ත කුසලතාවයක් තියෙන බව අවිවාදිතයි. ඒවත් හැබැයි විශ්ව සම්භාවනාවට පාත්‍ර උන ඒවා නෙමි.

ඔය ජැක්සන්ට සකල කලා සක්විති කියලා කියන්නේ අර දේශපාලනඤයින් ලග ඉන්න හෙන්චයියන් වගේ වන අය බවයි මගේ අදහස. මට ජැක්සන් ගැන බලවත්ම ඇගයීම තියෙන්නේ ජැක්සන් සතු දේශීය ජනශ්‍රැතිවේදය පිලිබද ඉවට. ( අර මහින්ද උඩ දාපු විකාර කියවීම හැර )


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *