ප්රියා
(මංජුල වෙඩිවර්ධන)
නේරංජනා ගඟින් එතෙරවුණු අතීතය
කරඬුවක තියන් අපි කර ගැහුවෙ
නේරංජනා දිහා ආදරෙන් බලන්නට
ඔබේ කටහඬ තමයි මඟ කිව්වෙ
දොරපියන් හැරපියා දුර ඈත රන්විමනෙ
සුදු පරෙවි රෑන් අහසට බැස්සෙ
අතරමඟ මුණ ගැසුණු ලිහිණින්ට ඔබෙ හඬයි
මන්දාරමේ සිහිල් දිය ඉස්සෙ
අඳුර ඔව්, අඳුර මගෙ යැයි කියා කීවාට
මට වාසනා ගෙනෙන සැණකෙළියෙ
අඳුර, අඳුරුද නැති ද අඳුරගන්නම බැරිද
දමා යනු හැකි ද තනිකර එළියෙ
බිඟු වැළප, මල් පරව ඇති ලොවක ඔය හඬට
සරතැස නිවා දැමෙයි දිවිකතරෙ
ඔබ කියන එක ඇත්ත හිත හඬනු දැන දැනම
අතීතෙට යනු හැකි ද ඉබිගමනෙ
මෙ චංචල ලෝ සුවේ මොහොතකට විතරක්ද
හිතනවිට නිවුණු හඬ මත්තෙ
කඳු මීදුමෙන් වැසුණු රටකින් එහා තැනක
සඳ තාරකා හඬන සද්දෙ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

